gossip lanka

ශ්‍රීලනිපයට ජනතාවාදී දැක්මක් ගේනවා - ශ්‍රීලනිප නව ලේකම්

ජනපති අපේක්ෂාව ඉටුකරමින් ප්‍රබල ජනතාවාදී ව්‍යාපාරයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට කැපවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ස්වදේශවාදී සහ ජනතාවාදී දැක්මක් සහිත වඩා හොඳ සංවර්ධනයක් රට තුළ ඇතිකිරීම ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  අපේක්ෂාව
වන අතර ඊට ශක්තිමත් දායකත්වයක් සැපයිය හැකි නිෂ්පාදන ආර්ථිකයක්, දේශීය චින්තනයක් සහ ජනතාවාදී දැක්මක් සහිත ප්‍රබල ව්‍යාපාරයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට කැපවන බවද මහාචාර්යවරයා පැවසීය.

 පක්ෂයේ ඉදිරි කටයුතු වෙනුවෙන් නව නිලධාරි මණ්ඩලය තෝරාපත්  කර ගැනීම සඳහා අපේගම පරිශ්‍රයේදී ඊයේ(03) පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී අභිනව පක්ෂ  ලේකම්වරයා ලෙස පත්වූ මහාචාර්යවරයා මේ අදහස් පැවසීය.