gossip lanka

ඇලෝසියස්ගෙන් මං සල්ලි ගත්තෙ නෑ.. ප‍්‍රචාරක කණ්ඩායම් සල්ලි ගනිද්දී මං ඡන්දෙ ඉල්ලූවා.. එච්චරයි..- අනුර කුමාර තියරියෙන් සුජීව

පසුගිය මහ මැතිවරණයේ දී තම ප්‍රචාරක කටයුතු සඳහා මෙන්ඩිස් සමාගමෙන් මුදල් ලබා දී ඇති බව ප‍්‍රතික්‍ෂෙප නොකරන බව රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පවසයි.

කෙසේ නමුත් එම මුදල් මෙන්ඩිස් සමාගමට අයිති බව දැන සිටියේ නම්
කිසිසේත්ම ඒවා බාර ගැනීමට තම ප‍්‍රචාරක කණ්ඩායම්වලට ඉඩ නොදෙන බවද රාජ්‍ය ඇමතිවරයා කියා සිටී.

මෙන්ඩිස් සමාගම අර්ජුන් ඇලෝසියස්ට අයත් එකක් යැයි තම ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටි කණ්ඩායම් කිසිවෙකු දැන සිටියේ නැතැයි ද එම ප්‍රචාරණ කටයුතු වලට ලද මුදල් සම්බන්ධයෙන් සැක සිතීමට තරම් හේතුවක් එම කාලයේ ලැබූ බව ද ඇමතිවරයා සඳහන් කරයි.

‘මේ බව අසා මමත් පුදුමයට පත්වුණා. හොයා බලනකොට මගේ එම්.එස්.ඩී. කෙනෙක් තමයි මාරු කරලා තියෙන්නේ. මම සල්ලි ගත්තා හෝ මම චෙක් මාරු කලා කියලා කවුරුවත් කියලා නෑ. මට කිසිම අවස්ථාවක චෙක්පත් ලැබුනේ නෑ. නමුත් කැම්පෙන් එකට මේ මුදල් ලැබුනු වගකීමෙන් මිදෙන්න බෑ’’ යයිද සේනසිංහ මහතා කියා සිටී.