gossip lanka

එජාපයේ තවත් 6කට නියෝජ්‍ය ඇමති ධුර !

එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් හයදෙනෙකුට ලබන සඳුදා නියෝජ්‍ය ඇමති ධුර ලබාදීමට නියමිත බව වාර්තාවේ.

එජාප මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නිර්දේශය මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමට නියමිත මන්ත්‍රීවරුන්ගේ නම් මේ වනවිට තීරණය කර ඇති බව 'සිරිකොත' එක්සත් ජාතික පක්ෂ මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය අමාත්‍යාංශය, වතු යටිතල පහසුකම්, සංචාරක, කර්මාන්ත හා වානිජ කටයුතු මෙන්ම මහා නගර හා බස්නාහිර නගර සංවර්ධන යන අමාත්‍යාංශ සඳහා සහ තවත් එක් අමාත්‍යාංශයක් සඳහා නියෝජ්‍ය අමාත්‍යවරු හයදෙනෙකු පත් කිරීමට නියමිත බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.