gossip lanka

ඇලෝසියස් මගේ පාසැල් මිතුරෙක්.. මට උදවු කලා තමයි..- හර්ෂණ රාජකරුණා..

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චූදිතයෙකු වී සිටින අර්ජුන් ඇලෝසියස් පාසැල් කාලයේ සිට තම මිතුරෙක් යයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

ඇලෝසියස් තමනට ඕනෑ තරම් අදවු කර ඇති බවත් තමන්ද ඔහුට
උදවු කර ඇති බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

එක්සත් ජාතික පක්‍ෂයට පමණක් නොව රාජපක්‍ෂලාටද ඇලෝසියස් ආධාර කර ඇති බවද සදහන් කරන ඔහු පසුගිය රජය සමයේ කොළඹ පැවති රාත‍්‍රි කාර් තරගවල ප‍්‍රධාන අනුග‍්‍රාහකයා වූයේද අර්ජුන් ඇලෝසියස් බවද කියයි.

දින සියයේ වැඩපිලිවෙල ගැන තමන්ද එකග නැති වුවත් සියළු දෙනා එක් වී සකස් කරන ලද එම වැඩපිලිවෙල ගැන ජනාධිපතිවරයා නොදැන සිටීම පුදුමයක් යයිද සදහන් කරයි.

දෙරණ රූපවාහිනියේ මොකද වුනේ වැඩසටහනට සම්බන්ධ වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.