gossip lanka

මං කක්ක ගලේ නැගල රැල්ලෙන් හෝද ගෙන ගෙදර ගිය එකෙක්..- විජිතමුණි

මේ රජය ගතවූ අවුරුදු තුන හමාර තුළ දැවැන්ත වැඩ කොටසක් කළා. ඒ වුණාට මේ ආණ්ඩුවට වැඩක් කරන්න බැහැ කියල විපක්ෂය ආණ්ඩුව ඉල්ලනවා. කොච්චර කරන්න බැරි වුණත් ආණ්ඩුවක් දෙනවද? එහෙත් මේ ආණ්ඩුව දෙන්න දෙන්න හදනවා වගේ මට පේනවා. ඒක තමයි වැරද්ද. ඒ ගැන මම කනගාටුවෙනවා යැයි ධීවර හා ජලජ සම්පත් ඇමති
ගාමිණි විජිත් විජිතමුණි ද සොයිසා මහතා බළපිටියේදී පැවසීය.

බළපිටිය ධීවර වරාය ඉදිකිරීම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ධීවර පවුල් හැට පහකට ප‍්‍රතිලාභ බෙදා දීම නිමිත්තෙන් බළපිටිය ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේදී පැවති උත්සවයේදී ඒ මහතා මේ බව පැවසීය.

තව දුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.

මම ඉගෙන ගත්ත කොස්ගොඩ හෑගල්ල මහා විද්‍යාලයේ ක‍්‍රීඩාපිටිය හදන්න මිතුරන් දුන් රුපියල් ලක්ෂ හතළිස් පහක් වෙන් කළා. මං ඇවිල්ල මුල් ගලත් තිබ්බා. ජනාධිපති ගිණුමට ඒ මුදල් දැම්මත් අවශ්‍ය වැඩේ කරන්න මුදල් නිදහස් කළේ නැහැ. ඒ වැඩේ සරලව කරන්න මේ පැත්තේ දේශපාලනඥයන්ට කිව්වත් කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. බලපිටියට රජ්ගමට කුඩම්මගෙ සැලකිල්ල තිබෙන්නේ. මට අද වැඩ කරන්න පුඵවන් කම තිබෙනවා. කොස්ගොඩ බලපිටිය පැත්තේ මුහුද අයිනේ ලෙලි වළවල් තිබුණේ. වාරකන් කාලෙට ධීවර රක්ෂාව කරන පුරෂයන්ට හා දරුවන්ට කාන්තාවෝ කන්න දුන්නෙ පොල් ලෙලි තළල ලණු අඹරලයි. තමන්ගේ මිනිහට අරක්කු කාලයි සිගරට් එකයි, පවා ගෙනැවිත් දුන්නා. ඒ තරම් ස්වාමියාට ආදරය කළා. එවැනි  කාන්තාවෝ දිරිය මව්වරු මෙහි හිටියේ.

බළපිටිය ධීවර වරාය හදන්න රුපියල් ලක්ෂ සීයයක් වෙන් කර දෙනවා. ධීවර වරායවල් පහළොවක් හදන්න මුදල් වෙන් කර තිබෙනවා. බළපිටියෙ ධීවර වරාය හදන්න තිබුණේ මීට පෙරයි. අම්බලන්ගොඩ හා හික්කඩුව වරායවල් අසාර්ථකයි. නිතරම වැලි පිරෙනවා. මම බළපිටිය හරස්පළේ? කක්ක ගලේ නැගල රැල්ලෙන් හෝද ගෙන ගෙදර ගිය කොල්ලෙක්. මට අමුතුවෙන් මාඵ ගැන කියන්න වුවමනාවක් නැහැ.

මම කැලණිය පන්සල වදින්න පෝය දවසෙ ගිය වෙලාවෙ පන්සලේ නායක හාමුදුරුවෝ ඇසුවා මේ ආණ්ඩුව එක වැවක්වත් හැදුවෙ නැහැ නේද කියල.  මම මොණරාගල වැව් තුන්සිය පනහක් හදනවා. දැනට දෙසීයක වැඩ අවසන්. නුවරඑළියේ එක්දහස් අටසිය ගණන් වල හදපු ඇනිකට් එකක් නැවත හැදුවා. හදපානගල ව්‍යාපෘතියේ අක්කර ගණන වැඩි කළා. අලිකොටේ ජනපදයේ වැඩ අවසන්. තව අවුරුදු දහස් ගණනකට පවතින්න වේලි සකස් කළා. මහා දැවැන්ත වැඩ කොටසක් කර තිබෙනවා. විපක්ෂය ආණ්ඩුව ඉල්ලනවා. ආණ්ඩුවත් දෙන්න වගේ ඉන්නවා. ඒක තමයි වැරද්ද. කිසිම ඇමතිවරයෙක් මේ ගැන කතා කරන්නෙ නැහැ.

මේ මාසෙ 18 වැනිදා බළපිටිය ධීවර වරාය හදන්න  ඕනා. නැත්නම් ඉංජිනේරු මහත්තයෝ මැරුණත් මම පස්සෙන් එනවා. මූලික බේසන් එක හදමු. ඉඩම් පවර නොගෙන පෝට් සිටි වගේ අක්කර පහක් ගොඩකරල හදමු. මට දැන් ඇමතිකම් ලැබිල තිබෙන්නේ. මම ලොකුවට හීන දකින්නේ නැහැ. දැන් හීන දකින කට්ටිය වැඩියි. ඒ හින සැබෑ වේවායි පතනවා. මට ජනාධිපති අගමැති වෙන්න අවශ්‍ය නැහැ. ඇමතිකම තිබුණම ඇති.

ජාතියේ රටේ ගැලවුම් කාරයෝ හැටියට පෙනී සිටින අය ඉන්නවා. ඒ අයගෙ ඇතුල් පැත්ත බැලූවම පෙනේවි කොතරම් වංචනික හොරමුලක්ද කියල. මේ වරාය හදන්නනම් සොයිසා ඇමතිතුමාගෙ ඇමතිකම රැකේවා කියල කතරගම දෙවියන්ට පඩුරක් ගැට ගහන්න කියල ඉල්ලනවා යැයිද කීය.

– ජයකාන්ත ලියනගේ