gossip lanka

මහින්ද හන්දියක් හන්දියක් ගානේ පච කෙලිමින් ඇවිදිනවා..

පසුගිය ජනාධිපතිවරණයේදී චීන සමාගමකින් ඩොලර් මිලියන 7.6ක් ලබා ගත්තේ යයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත් වාර්තාව අසත්‍ය නම් මහින්ද රාජපක්ෂ මහතා කල යුත්තේ ඊට නඩු පැවරීම බව නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා එසේ ලබා ගෙන ඇත්තේ චීනයට රට පාවාදී රට
විකුණා ලබාගත් සන්තෝසමක් අල්ලසක් යයි දැන් මුළු ලෝකයම දන්නා බවද ඔහු සදහන් කරයි.

නියෝජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ බණ්ඩාරගම ප්‍රදේශයේදී ජන හමුවක් අමතමිනි.

පුවත් වාර්තාව වැරදියි නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග නොගෙන හන්දියක් ගානේ සිංහලෙන් බොරු කියමින් ජනතාව රැුවටීමේ තේරුමක් නැති බවද ඔහු සදහන් කලේය.