gossip lanka

එජාප පසු පෙළ මන්ත්‍රින්ගෙන් නිව්යෝර්ක් ටයිම්ස්ට ලියුමක් !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යපෘතියට චීන සමාගමකින් මුදල් ලැබුණු බවට පළවූ හෙළිදරව්වට අදාළ මූලාශ්‍ර ලබා දෙන ලෙස එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිසක් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට නිල වශයෙන් ඉල්ලීමක් කර ඇති බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් කීවේය.

පසුපෙළ මන්ත්‍රිවරුන් දස දෙනකුගේ අස්සනින් යුතුව ලිපියක් මඟින් මෙම ඉල්ලීම කර ඇත.

එම වාර්තාවට අනුව නීතිමය හා දේශපාලන
වශයෙන් මෙරට කෙරෙන කටයුතු සඳහා එම මූලාශ්‍ර වැදගත් බවද මන්ත්‍රි පිරිස යැවූ ලිපියේ සඳහන්ව ඇති බවද වාර්තා වේ.

එම ලිපියට අස්සන් තැබූ මන්ත්‍රිවරුන් පිරිසෙන් කිහිප දෙනකු ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට පැමිණිය හැකි බවද ඔවුන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

(මව්බිම)