gossip lanka

මහ බැංකු නිලධාරීන්ට මහේනද්‍රන්, ඇලෝසියස් දුන් දුරකථන ඇමතුම්

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද‍්‍රන් හා පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් මහේන්ද‍්‍රන් පසුගිය දෙවසරක කාලයේදී සබඳතා පැවැත්වූ පුද්ගලයින් පිළිබඳව විස්තර අනාවරණය වෙයි.

ඔවුන් දෙදෙනා දුරකථන සබඳතා පැවැත්වූ පුද්ගලයින්ගේ නාමලේඛණය පසුගිය සතියේදී ප‍්‍රසිද්ධියට පත් කරනු ලැබීය.

ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතින එම තොරතුරු ජනතාවට ලබා ගත හැක.


sundaytimes.lk ලබාගත් එම තොරතුරුවලට අනුව, සේවක අර්ථසාධක අරමුදල, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සහ මහ බැංකුවේ නිලධාරීන් තිදෙනෙකු සමග ඇලෝසියස් දුරකථනය ඔස්සේ සබඳතා පවත්වා ඇත.

ඔවුන් අතරින් ඉන්දික සමන් කුමාර නමැති ජ්‍යෙෂ්ඨ කළමනාකරු සමග ඇලෝසියස් දුරකථන සංවාද 1,8000කට වැඩි ප‍්‍රමාණයක් 2015-2017 කාලයේදී සිදු කර ඇත.

මෙම නිලධාරියාගේ හවුල්කාරියක වන තක්ෂිලා කුමාරි සමග ඇලෝසියස් දුරකථන සංවාද 60ක් පවත්වා තිබේ.

සමන් කුමාරගේ සහෝදරයා වන, කාර්සන් කම්බර්බැච් සේවක අමල් ඉරෝෂාන් සමග ද ඇලෝසියස් දුරකථන සංවාද 300කට අධික ප‍්‍රමාණයක් සිදු කර ඇති බව හෙළිව ඇත.

එමෙන්ම, මහ බැංකුවේ සංගරපිල්ලෙයි පදුමනාදන් නමැත්තා සමග ද ඇලෝසියස් දුරකථනය ඔස්සේ 300 වතාවකට වැඩි වාර ගණනක් කථා කොට තිබේ.

පදුමනාදන්ගේ ඥාතියෙකු වන සංගරපිල්ලේ අයන්ගරන් සමග ද දුරකථන සංවාද 750කට අධික ප‍්‍රමාණයක් සිදු කර ඇත.

නවීන් අනුරාධ නමැති මහ බැංකු නිලධාරියා සමග ද 200 වතාවකට වඩා වැඩි වාර ගණනක් ඇලෝසියස් දුරකථන සංවාද පවත්වා තිබේ.

මහේන්ද‍්‍රන් ද පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් ප‍්‍රධාන විධායක කසුන් පලිසේන සමග දුරකථන සබඳතා පවත්වා ඇතැයි හෙළිව ඇත.