gossip lanka

මහ බැංකු අධිපති බැඳුම්කරය ගැන වෝහාරික විගණනයට සැරසෙයි !

ආන්දෝලනාත්මක බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කිරීම සඳහා සුදුසු ආයතනවලින් අයැදුම්පත් කැඳ වූ බවත් ඒ අනුව දැනට ඒ සඳහා සමාගම් පහකින් අයැදුම්පත් ලැබි ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය.
විදේශීය විගණන විශේෂඥයකුගේ  ප්‍රධානත්වයෙන්  තාක්ෂණික සේවාවක සහාය හා රජයේ වෙන්දේසි අංශයේ සහාය ලබාගෙන රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව හා මහ බැංකුව එක්ව යෝජිත වෝහාරික විගණනය සිදු කිරීමට නියමිත බවද මහ බැංකු අධිපතිවරයා කියා සිටියි.

 මේ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කිරීමට ලබන 25 දින දක්වා කාලය ලබා දී ඇති බවද ඉන් පසුව අයැදුම්පත් ඉදිරිපත් කරන ආයතනවලින් වෝහාරික (විස්තරාත්මක විගණනය) සඳහා ඉතාම සුදුසු ආයතනය තෝරා ගෙන මෙම විගණනය සිදු කිරීමට අපේක්ෂිත බවද කුමාරස්වාමි මහතා සඳහන් කළේය.

සාමාන්‍ය විගණනයක් මගින් අනාවරණය නොවන කරුණු හෙළි දරව් කර ගැනීම සඳහා කරන විගණනය වෝහාරික විගණනයයි. මූල්‍ය අපරාධ, හා එවැනි වෙනත් කරුණු මෙමගින් අනාවරණය කරගත හැකිය.