gossip lanka

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 8 කින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් ඉහළ යනු ඇත.

සුපර් ඩීසල් ලීටරයක මිල වැඩිවන්නේ රුපියල් 10 කිනි.

මුදල් අමාත්‍යංශය ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8 කින් හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින්ද ඩීසල් ලීටරයක මිල රුපියල් 9 කින් හා සුපර් ඩිසල් ලීටරයක මිල රුපියල් 10 කින් ද ඉකුත් 5 වැනි දා රාත්‍රීයේ සිට වැඩි කළ අතර ඛනිජ තෙල් සංස්ථාව ඊට පසුදින (06) පෙරවරුවේ දී එම මිල වැඩිවීම අත්හිටුවීය.