gossip lanka

අකිලගේ අයි.බී.එම්. හරිත කැම්පස් ගේම්එක මෙන්න !

අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබාගන්නා ලද අවසරයකින් අයි.බී.එම්. හරිත සරසවිය නම් ආයතනයක් රජයේ පාසල්වලට ඇතුළුවී රුපියල් ලක්ෂ 15 බැගින් උපාධි විකිණීමේ ප්‍රචාරක ව්‍යාපෘතිය ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මේවන විට රජයේ ප්‍රධාන පාසල් සියල්ල ඉලක්කකර ගනිමින් මේ ව්‍යාපෘතිය දියත්කර ඇති බව පැවසේ.

මෑතකදීම මේ ප්‍රචාරක නඩය ඇතුළුව ඇත්තේ
රත්නපුර ශ්‍රී සිවලී මධ්‍ය මහා විදයාලයටය.

එහිදී එම විදුහලේ ගුරුවරුන් පිරිසක් එයට ප්‍රචාරය ලබාදිය නොහැකි බවට විරෝධයක්ද දක්වා තිබේ.

එම අවස්ථාවේ මේ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අවසරය ඇති බව දැක්වෙන ලිපියක් ඔවුන් වෙත ඉදිරිපත් කර ඇත.

අදාළ උපාධි වෙළඳාමට ලංකාවේ ප්‍රකට පුද්ගලයන්ද යොදාගෙන ඇති බව වාර්තා වේ.

එම ප්‍රචාරක කණ්ඩායම් අයි.බී.එම්. හරිත සරසවියේ උපාධියක් ලක්ෂ 15කට ලබා ගැනීමෙන් රජයේ සරසවිවලට ඇතුළුවී ලිප්ටන් වට රවුමේ උද්ඝෝෂණ කරමින් සිටින රැකියා විරහිත උපාධිධාරී ගොඩට එක් නොවී ස්ථිර රැකියාවක් ලබා ගැනීමට හැකි බවද කියා සිටින බව පාසල් දරුවෝ කියති.

-srilankamirror