gossip lanka

ජනාධිපති වෙන පුද්ගලයා අඩු තරමේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙක් වී තිබිය යුතුයි..- වෙල්ගම

මෙරට රාජ්‍ය නායකයා කල යුත්තේ ජනතාව සමග සිටින පුද්ගලයෙකු පමණක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

එම පුද්ගලයා ජනතාවගේ දුකසැප හදුනන පුද්ගලයෙතු විය යුතු බවත් අඩුම තරමේ ප‍්‍රාදේශීය සබාවක හෝ නියෝජිතයෙකු වී
තිබිය යුතු බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

අලූතින් හදුන්වා දී ඇති කොට්ඨාශ ක‍්‍රමය නිසා මේ වන විට පළාත් සභා සියල්ල අඩපන වී ඇති බවද ඔහු එහිදී පැවසීය.