gossip lanka

ඉන්දියාවට 70% යි.. ලංකාවට 30% යි.. මත්තල ඉන්දියාව සමග හවුලේ කරගෙන යන්න එකගවුණා – ප්‍රවාහන නියෝජ්‍ය ඇමති

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන්ගේ ඒකාබද්ධ හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්  ඒ සඳහා ඉන්දීය රජයේ
නියෝජිතයින් සමඟ විහේෂ සාකච්ඡාවක් ඊයේ (04) දිනයේ පැවැත්වූ බවයි.

එහිදී ඉන්දීය රජයට සියයට 70ක කොටස් සහ  ශ්‍රී ලංකා රජයට සියයට 30ක කොටස් ලැබෙන පරිදි ගිවිසුම සකස් කිරීමට එකගතාතාව පළ වූ බව අශෝක් අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.