gossip lanka

බන්ධනාගාරයේ සිටම චන්ඩිකම් කරන අපරාධකරුවන් පෝරකයට යැවීම වරදක් නෑ – අගරදගුරුතුමා

බන්ධනාගාරගත වූ දරුණු අපරාධකරුවන් එහි සිටම චණ්‌ඩිකම් දාමරිකකම් කරනවා නම් එල්ලුම්ගස නියම කිරීම වරදක්‌ නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා පවසයි.

එතුමන් වැඩිදුරටත් මෙසේ ද කීය,

ජීවිතයක්‌ අපට දෙන්නත් බැහැ, ගන්නත් බැහැ. වරදට නියම වී
බන්ධනාගාරගත වූ සමහරු එහි තුළ සිටම එම අපරාධ දාමරිකකම් මෙහෙයවනවා. සමාජයක්‌ හදාගන්න බැහැ. මත්කුඩු ජාවාරම් සිදුවෙනවා.

ඒ වගේම බන්ධනාගාරගත වී සිත්තැවුලෙන් හිත හදාගෙන සිටින පිරිසක්‌ ද සිටිනවා. ඔවුන් පිළිබඳව සාධාරණයක්‌ යොමු කළාට වරදක්‌ මම දකින්නේ නැහැ. මේ අනුව දරුණු වැරදිකරුවන් තවදුරටත් බන්ධනාගාරය තුළ සිටම එම ක්‍රියාවේ නිරත වෙමින් අපරාධ, චණ්‌ඩිකම්, ජාවාරම් මෙහෙයවනවා නම් එල්ලුම්ගස ක්‍රියාත්මක කිරීමේ වරදක්‌ දකින්නේ නැහැ.

දිවයින