gossip lanka

ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂිකාව ශිරන්ති රාජපක්‍ෂ..?

ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂිකාව ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිද වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ යයි සමාජ ජාලා හා අන්තර්ජාල පුවත් අඩවි ගණනාවක් වාර්තා කර ඇත.

ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් රාජපක්‍ෂවරුන් හා ඒකාබද්ද
විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් අතර ඇතිවෙමින් තිබෙන මතගැටුම් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙම තීරණයට එළැම ඇති බව එම වාර්තාවන්හි දැක්වෙයි.

කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් අප වෙත අදහස් පල කල හිටපු ජනාධිපති මහිනද රාජපක්‍ෂ මහතාගේ සමීපතමයෙක් කියා සිටියේ කිසිසේත්ම එවන් සූදානමක රාජපක්‍ෂ මහතා නැති බවයි.

ඉදිරි ජනාධිපතිවරණය සදහා ඒකාබද්ද විපක්‍ෂයේ ඉදිරිපත් කරන ඔ්නෑම පුද්ගලයෙකු ජයගන්නා වටපිටාවක් අද නිර්මාණය වී ඇති බවත් මහින්ද රාජපක්‍ෂ මහතාට නම් කිරීමට සිදුව ඇත්තේ මීලග ජනාධිපති අපේක්‍ෂකයා නොව මීලග ජනාධිපතිවරයා බවද ඔහු කීය.

එමෙන්ම ඒකාබද්ද විපක්‍ෂයේ රාජපක්‍ෂවරුන් මෙන්ම වෙනත් බොහෝ පිරිසක්ද ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කිරීමට ඉතා සුදුසු අය නිසා වේලාසන කලබල වීමේ උවමනාවක් නැති බවද ඔහු සදහන් කලේය.