gossip lanka

පරාක්‍රමබාහු ගැන කියූ අගමැතිට ජවිපෙන් ඉතිහාස පාඩමක්

2020 වසර වන විට මෙරට සියළු ණය බරවලින් නිදහස් වන බවත් 2050 වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත් කරලීමේ සැළසුම් සකස් කර ඇති බවටත් පසුගිය දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන
ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේ, අග්‍රාමාත්‍යවරයා මෙලෙස පම්පෝරි ගසන්නේ පවතින ආර්ථිකය ද බිඳවැට්ටවීම උදෙසා ගිවිසුම් අත්සන් තබන අතරතුරේ බවයි.

2050 වසර වන විට වත්මන් ආණ්ඩුවත්, අග්‍රාමාත්‍යවරයාත් නොමැති නිසා ඔහුට මෙවැනි පොරොන්දු ලබා දීමේ කිසිදු ගැටළුවක් නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.

එමෙන්ම පසුගිය දිනක පරාක්‍රමබාහු රජු විසින් පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කිරීමට මුදල් සොයාගත් ආකාරය පිළිබඳව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් සිදු කළා.

“පරාක්‍රමබාහු රජ්ජුරුවෝ මායා ප්‍රදේශය පාලනය කරනකොට හිතුවා, දැන් මට විදේශ විනිමය ඕනෙ, ඉතින් මොකද්ද කළේ? කළුතර දිස්ත්‍රික්කයේ ගිහින් කුරුඳු වැව්වා. අවුරුදු පහකින් ප්‍රතිඵල එන්ට පටංගත්තා. ඒවයින් තමයි මේ පරාක්‍රම සමුද්‍රය එහෙම හදන්න සල්ලි හොයාගත්තේ. නැත්තං නිකං නෙවෙයි. අපිත් ඒවා හිතන්න පටන් ගෙන ඉදිරියට යන්න ඕනේ”

අග්‍රාමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට ද ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා අදහස් පළ කළේ මේ අයුරින්.

“අපි දන්නෑ එතුමාට ඔය ගෙවල් පැත්තේ කුරුඳු ගස් දෙකක් වවලා, ඒක තලලා ආර්ථිකය හදන්න පුළුවන්ද කියලා. එතුමා ඉතිහාසය දන්නෑ. මීට කලිනුත් ඔය ජාතියේ විකාර කිව්වනේ. දන්නැත්තං දන්නැතුව ඉන්න ඕන. පරාක්‍රමබාහු වැව් හදන කාලේ ලංකාවේ කුරුඳු වගාව තිබුණෙත් නෑ. කුරුඳු වගාව මෙහෙ හදන්නේ ලන්දේසීන් ආවට පස්සේ”