gossip lanka

18කින් ඥාණසාර හිමිට එරෙහිව බලපෑම්.. ඇප නොලැබුනු හේතුව හෙලිවෙයි..

බරපතල වැඩ ඇතිව සිරගත කර සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ගැන රාජ්‍ය නොවන සංවිධාන 18කින් විවිධ බලපෑම් කරමින් ඇතැයි ගාමිණී ජයවික්‍රම පෙරේරා බුද්ධ ශාසන අමාත්‍යවරයා සදහන් කරයි.

එම සංවිධාන විසින් විවිධ ස්ථානවලට දුරකථන ඇමතුම් ලබා දී ඇතැයිද
ඔහු පවසයි.

ඊයේ දිනයේ අධිකරණයට නීතිපති දෙපාර්තමේන්තුව පැමිණියේ නම් ඇප ලබාගැනීමට අවස්ථාවක් තිබූ බවත් ඔහු කියයි.

මෙම තත්වය ගැන බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම්වරයා හා තවත් නිලධාරීන් පිරිසක් සමගින් සාකච්ඡා කළ බවත් පවසන ඇමතිවරයා විවිධ සංවිධාන හා පුද්ගලයන් විසින් ලබා දෙන ලද ලිපි ගොනුවක්ද ජනාධිපතිවරයාට ලබා දුන් බවත් කීය.