එලිපිට සටන ඇරඹෙයි.. අගමැතිගේ සහෝදරයා TNL නාලිකාවෙන් ජනාධිපතිව පට්ටා පතුරු ගසයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පක්‍ෂය ඉලක්ක කරමින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශය දැඩිව විවේචනය කරමින් ටී.එන්.එල්. රූපවාහිනිය විසින් සිය ප‍්‍රවීත්ති විකාශණය අතරතුරදී විශේෂ වාර්තාවක් ඉදිරිපත් කලේය.

එම රූපවාහිනී නාලිකාව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහෝදරයා
වන ශාන් වික‍්‍රමසිංහට අයත්ය.

ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය විවේචනය නොකරන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දී ඇති තත්වයක් තුලදී ඔහුගේම සහෝදරයාගේ නාලිකාව විසින් මෙසේ දැඩි විවේචන ඉදිරිපත් කිරීම සිත්ගන්නා සුළුය.

අපවත් වී වදාල පූජ්‍ය මාදුලූවාවේ සෝබිත හිමියන්ගේ ගුණ සමරුව අනාරාධිතව අමතමින් ජනාධිපතිරවයා විසින් එම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සිදු කරනු ලැබීය.