gossip lanka

ලිංගික අල්ලස් හෙලිවෙයි.. ඇමති විජේදාස-නි. ඇමති හරිස් පාර්ලිමේන්තුවේදී එලිපිට ගැටෙති..

උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්‍ෂ හා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමති එච්.එම්.එච්. හාරිස් යන මහත්වරුන් අතර පාර්ලිමේන්තුවේදී ඊයේ දින මත ගැටුමක් ඇති විය.

මෙම ගැටුමට හේතු වූයේ අග්නිදිග සරසවියේ සිසුවියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූවේ යයි ඇමති විජේදාස විසින් කරන ලද ප‍්‍රකාශයකි.

එම ප‍්‍රකාශය නියෝජ්‍ය ඇමතිවරයා විසින් දැඩි ලෙස
ප‍්‍රතික්‍ෂෙප කරමින් විවේචනාත්මකව අදහස් පල කරමින් සිටියදී ඇමති විජේදාසද මැතිහත් වීම නිසා මෙම උණුසුම් තත්වය ඇති විය.

ඇමති විජේදාස විසින් කියා සිටියේ ලිංගික අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් සිසුවියක් විසින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට පැමිණිලි කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වන හඬ පටද ඇති බවත්ය.