ඉදිරි ආණ්ඩුව පිහිටුවන්නේ මහින්දගේ නායකත්වයෙන්.. වියත්මග වනු මහින්ද චින්තනයේම දිගුවක්..- ජයඝෝෂා මැද ගෝටා හරිමග අමතයි

කාලයට අනුව සංවර්ධනය වෙමින් මහින්ද චින්තනය ඉදිරියට ගෙන යා යුතුව ඇති බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

වියත්මග සංවිධානය ඇති කරන ලද්දේ ඒ සදහා විද්වතුන් ව්‍යවසායකයන් එක් කිරීමට බවද ඒ මහතා පැවසීය.

කොලොන්නාව රජ මහා විහාරයේදී පැවති ‘හරිමග’ සමාරම්භක සමුළුව අමතමින් ඒ මහතා මේ බව සදහන් කලේය.

ඉදිරියේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට ආ විට එමගින් මේ රට සංවර්ධනය කරන සැලසුම් වියත්මග සංවිධානයෙන් සකස් කරන බවත් කී ඔහු ඉදිරියේදී පිහිටුවන රජයක් පිහිටුවන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් බවද කියා සිටියේය.