gossip lanka

ඒකාබද්ධය සමග ආණ්ඩුවේ පක්ෂ 6ක් ආණ්ඩුව පෙරළන සාකච්ඡාවක.. ජවිපෙ සහයත් හිමියි…

මෙවර අයවැය පරාජයට පත්කර ලබන වසරේ සිට ආණ්ඩු බලය ලබාගැනීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය මේ වන විට ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරු සහ ඇමැතිවරුන් සමග සාකච්ඡා ආරම්භ කර ඇත.

මේ බව තහවුරු කරමින් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරයකු ප‍්‍රකාශ කළේ
දෙසැම්බර් මාසයේ පවත්වන අයවැය අවසන් වර ඡන්ද විමසීමේදී බහුතර ඡන්ද සංඛ්‍යාවකින් අයවැය පරාජය කිරීමට තමන් සූදානම් බවය.

මේ සඳහා ආණ්ඩුවේ මන්තී‍්‍රවරුන්ගේ සහාය අවශ්‍ය බැවින් පළමුව සුළු පක්‍ෂ සමග සාකච්ඡා කරන බවද හෙතෙම කීවේය.

ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, ලංකා වතු කම්කරු සංගමය, ජාතික කම්කරු සංගමය යන සුළු පක්‍ෂවල මැති ඇමැතිවරුන් සමග ඒකාබද්ධ විපක්‍ෂය මේ පිළිබඳ සාකච්ඡා පවත්වන බවද එම මන්තී‍්‍රවරයා කීවේය.

කෙසේ වෙතත් ඇමැති රිෂාඞ් බදියුදීන් මහතා මේ සඳහා සම්බන්ධ කර ගැනීමට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ගෙන් බහුතරයක් අකැමැති නිසා අයවැය පරාජය කිරීම සඳහා බදියුදීන් මහතාගේ සහාය ලබා ගැනීමේ තීරණයක් නැතැයි ද හෙතෙම ප‍්‍රකාශ කළේය.

ඉහත සුළු පක්‍ෂ කීපයක් සමග පසුගිය බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ කණ්ඩායමක් දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇත.

ඇමැති රවුෆ් හකීම් මහතා සමග ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මන්තී‍්‍රවරුන් හත්දෙනෙක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ මනෝ ගනේෂන්, ජාතික කම්කරු සංගමයේ පලනි දිගම්බරන් ඇතුළු ද්‍රවිඩ දේශපාලන පක්‍ෂ මන්ත‍්‍රීවරුන් හයදෙනකු, ලංකා කම්කරු කොංග‍්‍රසයේ ආරුමුගම් තොන්ඩමන් සහ මුත්තු සිවලිංගම් යන මන්තී‍්‍රවරුන් දෙදෙනා මෙන්ම ජවිපෙ මන්තී‍්‍රවරුන් හයදෙනාගේ ද සහාය අයවැයට විරුද්ධව ලබාගැනීම සඳහා සාකච්ඡා පවත්වන බව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරයා කීවේය.

– divaina