බැඳුම්කර බෑණාගේ සමාගම් 05ක ගිණුම් විස්තර මහ බැංකුවට දෙන්නැයි නියෝග

මහ බැංකුවේ බැඳුම්කර වංචාවට අදාළව ප්‍රධාන චූදියෙකු වන අර්ජුන් ඇලෝසියටස්ට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඇතුළු ඊට අනුබද්ධ සමාගම් 05කට අයත් බැංකු ගිණුම් විස්තර ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාදීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය හා පෞද්ගලික බැංකු 13කට
කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (09) නියෝගයක් නිකුත් කර තිබේ.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, ඩබ්ලිව්. එම් මෙන්ඩිස් සමාගම, පර්පෙචුවල් ඇසට් මැනේජ්මන්ට්, පර්පෙචුවල් කැපිටල් ප්‍රයිවට් ලිමිටඩ් සහ පර්පෙචුවල් හෝල්ඩිංග්ස් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම් 05ට අයත් බැංකු ගිණුම්වල විස්තර මේ මස 24 වන දිනට පෙර මහ බැංකුවට ලබාදීමට පියවර ගන්නා ලෙස අධිකරණය නියෝග කර ඇත.

සිද්ධියට ආළව චෝදනා එල්ල වී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ලබන 23 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කර තිබේ.

මෙහි ප්‍රධානම චූදිතයෙකු වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වනවිට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර මෙතක් ඔහු අත්අඩංගුවට ගෙන නැත.