ආණ්ඩුවකට කරන්න පුළුවන් අපරාධ සියල්ල කරලා !

අසත්‍ය චෝදනා එල්ල කරමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව පසුගිය වසර තුන පුරාවටම රට අස්ථාවර කර ඇතැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

රත්නපුර කලවානේ  පැවති 'පොදුජන රල ආණ්ඩු විරෝධයේ ජාතික හටන' ජනහමුවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (04) එබව කියා සිටියේ ය.


වත්මන් ආණ්ඩුව රටේ සම්පත් එකින් එක විකුණන බව ද රජයක් ලෙස රටකට කරන්න තියන අපරාධ සියල්ල මේ ආණ්ඩුව විසින් කර ඇතැයි ද කියා සිටි බැසිල් රාජපක්ෂ මහතා, වත්මන් ආණ්ඩුව සදාචාරය හා නීතිය නැති කර ඇතැයි ද එහිදී පැවසිය.

උතුරේත් නැගෙනහිරත් කඳුකරයේත් ජනතාව අද බියෙන් සැකෙන් ජිවත්වන බවද ඔහු සඳහන් කළේය.

නැවත රාජ්‍ය බලය ලබා ගැනීමෙන් පසු රට පාලනය කරන ආකාරය පිළිබඳ මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින බව ද බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.