gossip lanka

හෘද ස්පන්දනයේ වෙනසක්… ඤාණසාර හිමියන් අද සැත්කමකට භාජනය කරයි…

සිර දඩුවම් නියම වී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට අද 13 දිනයේ ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බව රෝහල් ආරංචිමර්ග සදහන් කරයි.

උන්වහන්සේගේ හෘද ස්පන්දනයේ සුළු වෙනසක් වෛද්‍යවරුන් නිරීක්ෂණය කර ඇති අතර ඒ පිළිබදව සිදුකල පරීෂණ වාර්තා සලකා
බලා බොහෝ දුරට අද පස්වරුවේ එම සැත්කම කිරීමට නියමිත බව පැවසේ.

ඥාණසාර හිමියන්ගේ වකුගඩුව ඇති ගලක් ඉවත් කිරීම සදහා මෙම සැත්කම සිදු කරයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ චෝදනා 04 කට වැරදිකරු වීම නිසා ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම කර එය වසර 06 කින් ගෙවී යන ලෙසට අභියාචනාධිකරණය නියෝග කර ඇත.