gossip lanka

ලේඛනාගාරයේ පැරණි ලේඛනත් හොරෙන් විකුණලා !

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු පුස්තකාලයේ ආරක්ෂිතව ඇති ඉපැරැණි අතිශය දුර්ලභ ලිපි ලේඛනවල ඡායාරූප පිටපත් කර ඉතා රහසිගතව විදේශීය සංවිධානවලට සහ නොයෙක් ආයතනවලට විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුවය.

එම ජාවාරම සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයක් හරහා තොරතුරු හෙළි කිරීමට එම මන්ත්‍රීවරුන් සූදානම් වන බවද වාර්තා වේ.

මේ ජාවාරම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ බලවත් අයකුට චෝදනා එල්ලව ඇති බවද පැවසේ.

පෘතුග්‍රීසි, ලන්දේසි හා ඉංග්‍රීසි පාලන කාලවලට අයත් ලිපි ලේඛන සහ ඊට පෙර පාලන යුගයන්ට අයත් ඓතිහාසික ලිපි ලේඛනවල පිටපත් මෙලෙස රුපියල් ලක්ෂ ගණන්වල මුදලට විකුණා ඇති බව වාර්තා වේ.

කෙසේවුවද, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ මහත්මිය තමන් එවැනි දෙයක් නොදන්නා බවත් එසේම එවැනි පරීක්ෂණයක් සිදුකරන බවට දන්වා නොමැති බවත් මාධ්‍යට පවසා තිබේ.

මූලාශ්‍රය - දේශය