gossip lanka

හවුල් ආණ්ඩුව පෙරළා දැමිය යුතුමයි-මම බණක් කිව්වත් කියන්නේ ඒකමයි

රට විනාශ මුඛයෙන් බේරා ගැනීමට පවතින ආණ්ඩුව පෙරළා දැමිය යුතු බවට බණ දේශනාවන් වලදී පවා දේශනා කරන බව  පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියන් පවසයි.

අද(14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නාලක හිමියන් මේ
බව සඳහන් කළේය.

පවතින රජයට තවත් වසර කිහිපයක් ලබා දුන හොත් මේ රට සම්පූර්ණයෙන්ම විනාශ මුඛයට ඇද වැටෙන බව පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියන් පෙන්වා දෙයි.

රට ඇද වැටී ඇති තත්ත්වයෙන් බේරා ගැනීමට නම් අනිවාර්යෙන් රනිල්, මෛත්‍රී හවුල පෙරළා දැමිය යුතු බව බෙන්ගමුවේ නාලක හිමියන් පවසයි.

මේ අතර යුද්ධයක් නොමැති අවස්ථාවක ඇමරිකාව‍ෙන් යුද ආධාර ලබා දීමට අවශ්‍ය නොවන බව බෙන්ගමුවේ නාලක හිමියන් වැඩිදුරටත් පැවසීය.