gossip lanka

දුමිරිය මගීන් කුපිත කරේ ආණ්ඩුවේම පිරිසක් – මන්ත්‍රී කනක හේරත්

කොටුව දුම්රිය ස්ථානය අසල සිටි මගීන් ඊයේ (08) සවස ප්‍රචණ්ඩත්වයට යොමු කරමින් මෙහෙයවනු ලැබූවේ ආණ්ඩුවේ කණ්ඩායම් විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූයේ අද (09) බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා
කේන්ද්‍රයේ පැවති මහින්ද පිලේ මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අතරමං වූ මගීන් අතරට ගිය ආණ්ඩුවේ කණ්ඩායම් ප්‍රකෝපකාරී ලෙස හැසිරීමට උල්පන්දම් දී තිබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා මෙහිදී පවසා තිබේ.

දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව දුම්රිය සේවකයන් පළකළ විරෝධය යටපත් කිරීමට ආණ්ඩුවට උවමනාවී තිබුණු බවද ඒ අනුව මෙලෙස දුම්රිය මගීන්ව ප්‍රකෝපකාරී ලෙස හසුරුවා ඇති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු නොකිරීම සම්බන්ධයෙන් දුම්රිය මගීන්ගේ විරෝධයේ වැඩි කොටසක් ආණ්ඩුව වෙත එල්ල වෙනු දක්නට ලැබුණු අතර පැවති මහින්ද රාජපක්ෂ පාලනය කෙරෙහිද ජනතාවගේ අප්‍රසාදය පල කරනු දක්නට ලැබිණි.

මූලාශ්‍ර අද