gossip lanka

කුරුණෑගල මුස්ලිම් පල්ලියට පෙට්රල් බෝම්බ ගැසුවායැයි සිරගත කල තරුණයා නිදොස් කොට නිදහස්

මීට වසරකට පමණ ඉහතදී කුරුණෑගල නුවර පාරේ පිහිටි මුස්ලිම් දේවස්ථානයක් වෙත පෙට්රෝල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකළ බවට චෝදනා කර ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලද අතර මාසයකුත් දින 28ක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සැකකරුවන් පසුව නිදොස් කොට නිදහස් කර සිටියා. මේ පිළිබඳව
අත්අඩංගුවට පත්වූ උපුල් ගම්ලත් නැමති තරුණයකු සමග විශේෂ සංවාදයක් සිදු කරන ලදි.

ප්‍රහාරය සිදුවූ දින අත්අඩංගුවට පත්වූ තරුණයා කතරගම ගොස් සිට ඇති අතර මුස්ලිම් දේවස්ථානයේ CCTV දර්ශනවල ඔහු සිටින බවට පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තාකර ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස ඔහුට රක්ෂිත බන්ධනාගාර ගත වීමට සිදුවී ඇත.

කෙසේ වෙතත් සැකකාර තරුණයාගේ ඥාතීන් ආපසු කතරගම ගොස් ඔවුන් නැවතී සිටි ස්ථානවල තිබූ CCTV දර්ශන අධිකරණයට ලබා දී ඇති අතර මුස්ලිම් පල්ලියෙන් ලබාදුන් දර්ශන අපැහැදිලි බවට රස පරීක්ෂකවරයා විසින් නිර්දේශ කර ඇත. එහි ප්‍රතිපලයක් ලෙස බන්ධනාගාර ගතව සිටි උපුල් ගම්ලත් නිදොස් කොට නිදහස් කරන ලදි.

පොලිසියේ හැසිරීම…
මෙම සිද්ධිය ඇතිවූ පසු එවක පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි බොදු බල සේනා සංවිධානයට දැඩි ලෙස චෝදනා කර සිටි අතර, බල සේනා සංවිධානය පොලීසියට සිදු කල අභියෝගවලට මෙම අත්අඩංගුවට ගැනීමෙන් පොලිසිය පිළිතුරු ලබා දුන් බවත් කුරුණෑගල සිද්දිය පිළිබඳව එම සංවිධානය නිහඩව සිටීම මෙම සිද්දියේ සත්‍යතාවය පෙන්නුම්කරන බවත් පැවසීය.

ගොරකා දඩමස් කරන පොලීසිය…

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක පට්ටපල් බොරු ප්‍රකාශ කර ඇති බවත් පොලිසිය ඇවිත් කියන හැමදේම ජනතාවට විශ්වාස කල හැකිද යන ප්‍රශ්නය මතු වෙන බව නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර සිටියා. මෙවැනි පොලිසියක් මේ රටේ තියෙද්දී මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීම ගැටලුසහගත බවත් රටේ ජනතාව මුලාකරමින් බොරු කියන පොලීසියට ඕනිම දෙයක් කළහැකි බවත් අපට ඇත්තේ වැරදි කාරයා නොව නිවැරදි කාරයින්ට දඬුවම් කරන පොලිසියක් බවත් ඒ මහතා සඳහන් කර සිටියා.

-Colombo Today