gossip lanka

ඔවු මං සර් කියන්න කිවුවා තමයි.. මහරගම ‘සර් නගරාධිපති’ කියයි.. (Video)

තමනට ‘සර්’ කියා අමතන්නැයි නිවේදනයක් තමන් විසින් ප‍්‍රදර්ශණය නොකල බව මහරගම නගර සභාවේ නගරාධිපති ටිරාජ් ලක්රුවන් පියරතන මහතා පවසයි.

අදාල නිවේදනයේ ඇත්තේ තමන්ගේ හා සමානම අත්සනක් බවත් එය
කවුරුන් විසින් සිදු කලේ දැයි නොදන්නා බවත් ඔහු සදහන් කරයි.

දෙරණ රූපවාහිනිය සමගින් පැවති සාකච්චාවකදී ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් උසස් නිලධාරීන්ට ‘සර්’ යයි අමතන ලෙස තමන් පවසා ඇතැයිද නගරාධිපතිවරයා සදහන් කරයි.

උසස් නිලධාරීන්ට ගරුත්වයක් ඇතිව කටයුතු නොකරන විට ආයකන කඩා වැටෙන බවද ඒ මහතා එහිදී වැඩි දුරටත් පැවසීය.