gossip lanka

ඒකාබද්දය ස්වාධීන වුණත් විපක්‍ෂ නායක කම දෙන්නේ නෑ.. - අමරවීර-දුමින්ද එක්ව කියති..

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වුවද ඔවුනට විපක්ෂ නායක ධූරය ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්
ඉවත් වී ඒකාබද්ද විපක්‍ෂයට පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමේ හැකියාවක් නැති බවයි.

ඔවුන් විසින් කළයුතුව ඇත්තේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙනම දේශපාලන පක්ෂයකින් තරඟ කර පාර්ලිමේන්තුව විසින් එහිදී විපක්ෂනායක ධුරය හෝ වෙනත් තනතුරු ඉල්ලා සිටීම බවද ජාතික සංවිධායක වරයා පෙන්වා දෙයි.

2015 වසරේ දී නිමල් සිරිපාල ද සිල්වා මහතාට විපක්ෂ නායක ධුරය ලබා දීම වැරදි බවත් ඉතිහාසයේ සිදු කළ වරදවල් පූර්වාදර්ශ ලෙස ඉදිරියට ද කළ යුතු නැති බවත් ඇමතිවරයා සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පල කලේ මල්වතු අස්ගිරි මහනාහිමිවරු හමුවීම සඳහා එහි පැමිණ සිටි අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමිනි.

සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතාද ජනහමුවක් අමතමින් කියා සිටියේ මේ ආකාරයේම අදහසකි.