gossip lanka

බීබීසීයෙන් ලංකාවට ඇවිත් මන්නාරමේ සමූහ මිනීවල වීඩියෝ කිරීම සැක සහිතයි

මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙන්නේ මන්නාරම සමූහ මිනී වළේ කැණීම් කටයුතු ආශ්‍රිතව වීඩීයෝ පටයක්‌ නිර්මාණය කිරීම සඳහා BBC රූපවාහිනියේ පිරිසක් ලංකාවට පැමිණ තිබෙනවා.

සිවුදෙනෙකුගෙන් යුත් BBC රූපවාහිනී කණ්ඩායම ඊයේ (06) දහවල් මන්නාරමට ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

 කෙසේ වෙතත් අදාළ ස්ථානයේ සිදුකරන කැණීම් කටයුතු
රූගත කිරීම සඳහා අධිකරණයේ අවසරය ලබාගෙන ඇති අතර ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ චැනල් ෆෝ චිත්‍රපටයට සමානව තවත් චිත්‍රපටයක්‌ නිර්මාණය කිරීමට බවද ආරංචි මාර්ග පවසනවා.

මෙම කණ්ඩායම ඊයේ පස්වරුවේ මහාචාර්ය රාඡ් සෝමදේව හමුවී කැණීම් කටයුතුවල තොරතුරු සහ හමුවූ අස්‌ථි කොටස්‌වල ඇති සලකුණු ගැනද ප්‍රශ්න කර තිබෙන බවයි වැඩිදුරටත් එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.