gossip lanka

අප්පච්චි මළාට හරක් 20යි : ලක්ෂමන්ට හරක් 400 යි (video)

හිටපු ඇමති පී. හැරිසන්, වත්මන් අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා කිරි ගවයන් ආනයනය කිරීමේදී විගණකාධිපතිවරයාගේ නිර්දේශ නොතකා කටයුතු කිරීමෙන් මිලියන ගණනක පාඩුවක් සිදුව ඇතැයි කියමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විගණකාධිපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ලක්ෂ 5ක් පමණ මුදලකට ගෙන්වන ලද මේ කිරි ගවයන් ලක්ෂ 2ක
පමණ මිලකට පුද්ගලයන්ට ලබාදී ඇති බවත්, ඉන් ගවයන් 400ක් ගෙන ඇත්තේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා බවත්, තවත් ගවයන් 20ක් අප්පච්චි මලා නැත්නම් වත්මන් ඇමති විජිත් විජයමුනි සොයිසා බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා චෝදනා කර සිටී.

මෙසේ ගෙන්වූ හරකුන්ට ලෙඩ දෙකක් ඇති බවත්, ඒ BVD නැමැති පාචන රෝගයත්, අක්මාව ආසාදනය කරනු ලබන ලෙඩකුත් බව ඔහු කියා සිටී.

අක්මා ආසාදන රෝගය සියලු ක්ෂීරපායී සතුන්ට වැළදෙන බවත් ඒ අනුව එම ලෙඩේ මිනිසුන්ට වැළැඳිය හැකි බවත් ඔහු සඳහන් කරයි.

පාචන රෝගයෙන් ගවයන් 100ක් පමණ මිය ගොස් ඇති බවත්, මේ ගවයන් ගත් නුවරඑළියේ පුද්ගලයකුගේ ගවයන් 21ක් මිය ගොස් අති බවත්, ඔහුට කිසිදු වන්දියක් ගෙවා නැතැයි නාමල් මහතා චෝදනා කර සිටී.

විගණකාධිපතිගේ නිර්දේශ නොසලකා හරිමින් හිටපු අමාත්‍යවරයා සිය අමාත්‍යංශයෙන් ඉවත්වීමට දිනකට පෙර 2018 වසරට ගවයන් 250ක් ගෙන්වීමට පුවත්පත් දැන්වීමක් දමා ඇතැයි ද ඔහු කියා සිටී.

ඔහු වැඩිදුරටත් මෙසේ කීය.