gossip lanka

විස්ස පැමිණි සැණින් නාගානන්ද උසාවියට !

විසිවෙනි ව්‍යාවස්ථා සංශෝධනය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළු කළ වහාම එම සංශෝධනයට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා 'රාවය' පුවත්පතට පවසා ඇත.

විසිවෙනි ව්‍යාවස්ථා සංශෝධනයේ අන්තර්ගත වගන්තිවලින් ජනාධිපතිවරයා පත් කිරීම පාර්ලිමේන්තුවට පැවරෙන බවත් ජනතාවගේ ඡන්ද බලය අහිමිවෙන බවත් පවසන ඔහු එනිසා ඊට එරෙහිව අධිකරණයට යායුතු බවත් කියා සිටියි.

මීට පෙර අවස්ථාවකදීද ශ්‍රේෂ්ඨාධිකරණය පළාත් සභා ඡන්ද පැවැත්විය යුතු බවට නියෝගයක් කර තිබුණත් ඒ පිළිබඳ නොසලකා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමෙන් ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කිරීමට කටයුතු කර ඇති බවත් එවන් ක්‍රියාවකට මෙවර ඉඩ නොතැබිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සුදානම් වන බවට දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පවතී.

නාගානන්ද සමග අපි නමින් මේවනවිට FB පිටුවක් ද පවත්වාගෙන යයි