gossip lanka

"පොලිස්පති නිල ඇඳුමෙන් දේශපාලනය කරනවා" - ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්

පොලිස්පති නිල ඇඳුමෙන් දේශපාලනය කරන බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ ඊයේ (13) පැවැති පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“පොලිස්පතිතුමා දේශපාලනය කරන බවත් මීළඟ
පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට බලාපොරොත්තු වන බවත් පොදුජන පෙරමුණ චෝදනා කළ විට පොලිස්පතිතුමා ඒක ප්‍රතික්ෂේප කළා. එතුමා දේශපාලනයේ යෙදෙන බවට අප ලඟ සාක්ෂි තිබෙනවා. මේ තිබෙන්නේ එතුමාගේ ෆේස්බුක් පිටුව. ඒ පිටුව වර්ග කරලා තිබෙන්නේ දේශපාලන පිටුවක් විධියට. තමන් දේශපාලනය නොකරනවා නම් තමන්ගේ ෆේස්බුක් පිටුව දේශපාලන කාණ්ඩයේ තබා තිබෙන්නේ ඇයි? අනේ මම දන්නේ නෑ. මගේ හතුරන් මටත් හොරෙන් දේශපාලන පිටුවක් පටන් අරන් කියලා එතුමන්ට උත්තරයක් දෙන්න ඉඩ තියෙනවා . එතුමට මේක දන්නේ නැහැ තොත්ත බබා කියලා නම් පැනලා යන්න දෙන්න බැහැ.”

“2017 අප්‍රේල් 14 දා අර කුණු කන්ද කඩා වැටුණු දා ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන දේශපාලන ෆේස්බුක් පිටු අතරට පොලිස්පතිතුමාගේ පිටුවත් එකතු වෙනවා. Facebook වල ඒ වන විට වේගයෙන්ම වර්ධනය වන දේශපාලන පිටු අතර පස්වෙනියට සිටිනවා පූජිත ජයසුන්දර මැතිතුමා. අන්තර්ජාල අපරාධ ඒකකයක් තිබෙන බුද්ධි අංශ තිබෙන පොලිස්පතිතුමා තමන් පිළිබඳ ඉතාම ජනප්‍රිය ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන යනවා කියා දන්නේ නෑ කියනවා නම් ඒක බොරු. මේ දේශපාලන පිටුව එතුමාගේ නම් නිල ඇඳුමේ සිට දේශපාලනය කිරීම පිළිබඳ එතුමාට දඬුවම් කළ යුතුයි. ඒ පිටුව එතුමාගේ නොවේ නම් වහාම ඒ පිටුව පවත්වා ගෙන යන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට එතුමා කටයුතු කළ යුතුයි. ඔය දෙකෙන් මොකද්ද ‍වෙන්නේ කියා අපි බලා සිටිනවා.”යැයිද ඒ මහතා පැවසීය.