gossip lanka

ඒකාබද්දය තීන්දුවක් ගනී.. සන්ධානය අතහැර ඒකාබද්දය ඓතිහාසික තීන්දුවක් ගනී.. සන්ධානය අතහැර මන්ත‍්‍රීවරුන් 70ක් එකවර ස්වාධීන වෙයි..

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරුන් වීමේ තත්වයක් ඇතිව තිබෙන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමගින් එළඹෙන අඟහරුවාදා
දින පවත්වන තීරණාත්මක සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බව ද ඔහු සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබා දීමට හැකියාවක් ව්‍යවස්ථාව අනුව නැති බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට කළ දැනුම් දීම සලකා බලමින් මෙම තීරණය ගැනීමට සාකච්ඡා කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතාද සදහන් කරන්නේ පාර්ලිමේන්තුව තුල ස්වාධීන වීම ගැන තීරණයක් ගන්නා බවයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දැනට පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් හැත්තෑ දෙනකු නියෝජනය කරමින් සිටී.