මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය මගින් මෝටර් රථ සඳහා අංක තහඩු නිකුත් කිරීමට ටෙන්ඩර් කැඳවා පුද්ගලික අංශයට ලබා දුන් කොන්ත්‍රාත්තුවේ කොන්ත්‍රාත් කාලය අවසන් වූ පසු එය දික් කිරීමට නිලධාරීන් සිව්දෙනකු අල්ලස් ගෙන ඇති බව හෙළිව තිබේ.
නිලධාරීන් සිවුදෙනෙකු මෙසේ අල්ලස් ගෙන ඇති අතර ඔවුට කොන්ත්‍රාත්කරු සතියකට රුපියල් ලක්ෂ 60 බැගින් ගෙවා ඇති බව පැවසේ.
මෙම ටෙන්ඩරය සාමාන්‍යයෙන් වසර හතරකට සීමා විය යුතු වුවත් එය වසර 15ක් දක්වා දීර්ඝ කරගෙන ගොස් ඇති කොන්ත්‍රාත් සමාගම අලුතින් ටෙන්ඩර් කැඳවීමට යන මොහොතේ එය කල් දැමීම වෙනුවෙන් සතිපතා මෙම මුදල ගෙවාගෙන ගොස් ඇතැයි හෙළි වී ඇත.
අදාළ කොන්ත්‍රාත් සමාගමේ කාර්යාල සහායකයකු මාර්ගයෙන් මලුවල දමාගෙන ගොස් නිලධාරීන් හතර දෙනකුට මෙම මුදල් ලබාදෙන බවද විෂය භාර අමාත්‍යවරයාටද තොරතුරු ලැබි තිබෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සනාථ කළේය.
මෙකී සමාගම ව්‍යාජ ලෙස අංක තහඩු ගැසීම සම්බන්ධව රහස් පොලිසියේ ද පැමිණිල්ලක් ඇති බව පැවසේ.
මෙම අංක තහඩු ටෙන්ඩරය මගින් වසරකට රුපියල් කෝටි අසූවක පමණ ආදායමක් උපයන බවත් ඉන් විශාල මුදලක් ලාභය ලෙස බෙදී යන බවත් හෙළි වී ඇත.
සතියකට ලක්ෂ 60ක් ගත් RMV නොම්බර තහඩු මගඩිය
2018-08-11T02:50:00-07:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Hot News|