gossip lanka

චීනය සීගිරියටත් බැල්ම හෙලයි - රහසිගත වැඩක් හෙළිවෙයි - සීගිරියෙන් පනින්න මන්ත්‍රීවරයෙක් සැරසෙයි (PHOTOS)

සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින්ගේ පහසුව වෙනුවෙන් කේබල් කාර් පද්ධතියක් ස්ථාපිත කිරීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු වෙත වාර්තා වුණා. මධ්‍යම සංස්කෘතික අරමුදල මේ පිළිබඳ සැලසුම් සකස් කර ඇත්තේ චීන සමාගමක් සමග ඉතා රහසිගතවයි.  මේ පිළිබඳ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධනගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙය පුරා විද්‍යා සහ
පරිසර වාර්තා ඇගයීමකින් අනතුරුව පමණක් සිදු වන්නක් බවයි.

සීගිරිය සඳහා කේබල් කාර් පද්ධතියක් යෙදීම සම්බන්ධයෙන් කෙරෙන සැලසුම් රහසිගතව සිදු කෙරෙන්නේ මන්දැයි මෙහිදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ප‍්‍රශ්ණ කළා. ඔහු පැවසුවේ චීන කණ්ඩායමක් පැමිණ මූලික වැඩකටයුතු අරඹා ඇති බව තමා දැනුවත් නැති බවය.

සීගිරිය නැරඹීම සඳහා කේබල් කාර් පද්ධතියක් යෙදවීමේ සැලැස්මට එරෙහිව අවට ජනතාවද විරෝධය පළ කර ඇති බවයි දඹුල්ල ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර පි‍්‍රයංජන කුමාර පැවසුවේ.

මෙම සැලසුම කි‍්‍රයාත්මක කළ හොත් තමන්  සීගිරි පරිවතයෙන් පැන දිවි හානි කර ගන්නා බවයි මන්ති‍්‍රවරයා ප‍්‍රකාශ කළේ.