ශ‍්‍රීලනිපයේ ප‍්‍රබලයන් කිහිප දෙනෙකු එජාපයට.. සාකච්චා සාර්ථකයි.. එජාපය තහවුරු කරයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එන්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කර ප‍්‍රබල චරිත කිහිපයක් ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වීමට නියමිත බව එක්සත් ජාතික පක්‍ෂය සදහන් කරයි.

ඒ සදහා වන තීරනාත්මක සාකච්චා මේ දිනවල සිදුවෙමින් ඇති බව එක්සත් ජාතික පක්‍ෂ
පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් මහතා සදහන් කරයි.

එස සාකච්චා සාර්ථාක තත්වයක පවතින බවත් කිසිවෙකු නොසිතන මට්ටමේ චරිත කිහිපයක් එක්සත් ජාතික පක්‍ෂයට එක්වනු ඇති බවත් ඒ මහතා සදහන් කලේය.