ෆොන්සේකාගේ තවත් පාතාල ආරක්‍ෂකයෙකු මත්කුඩු, ජීව උණ්ඩ සමග අත්අඩංගුවට.. පෙර වැරදි තොගයයි..

ඇමති සරත් ෆොන්සේකා මහතාගේ පුද්ගලික ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරන පාතාල සාමාජිකයෙකු යයි පසුගියදා පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල වූ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලනාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පෑලියගොඩදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘මල්වත්තේ මංජු’
ලෙස හැදින්වෙන මුංල දමින්ද ඇල්වල නැමැත්තායි.

ඔහු සතුව තිබූ මත්කුඩු ග්‍රෑම් 5ක්, මිමී 9 වර්ගයේ ජීව උණ්ඩ, විදේශ ගමන් බලපත්‍ර 5ක්, ජාතික හැඳුනුම්පත් 37ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පවසන්නේ මොහු මීට පෙර ද පිහි ඇනුමක් සම්බන්ධයෙන්, මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන්, වාහන පැහැර ගැනීම සම්බන්දයෙන්, අත්අඩංගුවට ගෙන අධිකරණය විසින් දඬුවම් නියක වූ අයෙකු බවයි.

ඇමතිවරයාගේ තවත් සමීපතමයෙකු දැනට දින කිහිපයකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ මත්කුඩු තොගයක්ද සහිතවයි.

-lankacnews