gossip lanka

ගෑස් මිල අඩු කර ඉන්ධන මිල වැඩි කලා.. අරුම පුදුම මිල සූත‍්‍රයක්.. මුදල් ඇමති මොන විකාරකාරයෙක්දැයි ලෝකය හිතනවා..

වත්මන් ආණ්ඩුව විසින් ඉන්ධන මිල තීරණය කරන මිල සූත්‍රය කිසිවෙකු නොදන්නා අරුම පුදුම රහස් එකක් යයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දැනට දින කිහිපයකට පෙර ගෑස් මිල අඩු කර ඒ
සමගම ඩීසල් පෙට්‍රල් මිල ඉහළ දැමු බවයි.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අනුව තීරණය වන මිල තීරණය වන භාණ්ඩ දෙකක් මෙසේ මිල ඉහළ සහ පහළ යාම පුදුම සහගත බවද ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුව මිල තීරණය කිරීම සඳහා සූත්‍රයක් සකස් කර ඇතැයි කීවද ඒ සඳහා පාවිච්චි කරන මූලාශ්‍ර මොනවාද කියා හෝ සූත්‍රය කුමක්ද කියා හෝ මේ වන තෙක් පැහැදිලි කිරීමක් කර නැතැයිද ඒ මහතා සඳහන් කරයි.

ගෑස් මිල අඩු වු පසුව සියලු දෙනා බලාපොරොත්තු වූයේ පෙට්‍රල් සහ ඩීසල් මිල ද සැලකිය යුතු මට්ටමෙන් අඩු වේ යැයි කියා වුවද එසේ නොවූ බවත් පෙන්වා දෙන හිටපු මහබැංකු අධිපතිවරයා මෙම අපූරු මිල සූත්‍රය අනුව එසේ නොවූ බවද කියා සිටී.

මේ ආකාරයෙන් කටයුතු කරන විට ආණ්ඩුව හා ආර්ථිකය කෙරෙහි කිසිදු ආයෝජකයෙකු කිසිදු පුද්ගලයෙකු විශ්වාස නොතබන බව ද කිසිම ආයෝජකයන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොතබන තත්ත්වයකට පත්වනු ඇතැයි ද සඳහන් කරයි.

වර්තමාන මුදල් ඇමතිවරයාට මේ කිසිම දෙයක් සම්බන්ධයෙන් අවබෝධයක් නැති බවත් සෙසු රටවල් ලංකාව මොන විකාරයක්ද කියා සිතනු ඇති බවත් එවන් තත්වයකදී විදේශ ආයෝජනයන් නොපැමිණීම පුදුමයක් නොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි