2015දී මෛත‍්‍රී එජාපයට ගියේ ජනාධිපති අපේක්‍ෂක වෙන්න නොවේ.. රනිල් යටතේ අගමැති වෙන්නයි..- එජාප ප‍්‍රබලයෙක් සුවිශේෂී හෙලිදරවුවක..

2015 ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්‍ෂය පාර්ශවයට එක් වූයේ ජනාධිපති වීමට නොවන බව එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

තමන් ඒ මොහොතේ එජාපයේ සිටි ප‍්‍රධාන පුද්ගලයෙකු ලෙස ඇත්ත
කතාව දන්නා බවද ඒ මහතා සදහන් කරයි.

මෛත‍්‍රිපාල සිරිසේන මහතා එජාපයට එක් වූයේ ජනාධිපතිවරණයට එජාපයෙන් ඉදිරිපත් කරන රනිල් වික‍්‍රමසිංහ හෝ වෙනත් අයෙකු යටතේ අගමැති වීමට බවද අත්තනායක මහතා කියා සිටී.

කෙසේ හෝ මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වීම අහඹු සිදුවීමක් යයිද එජාප හිටපු මහ ලේකම්වරයා වෙබ් අඩවියක් සමග සාකච්චාවක් පවත්වමින් සදහන් කර ඇත.