gossip lanka

ෆොන්සේකා හමුදාව බලු කොට කරන ප්‍රකාශ නිසා ඉහල නිලධාරීන් කැළඹේ.. ගිනි ගන්නට පෙර ආරක්‍ෂක රාජ්‍ය ඇමතිගෙන් ප‍්‍රකාශයක්..

ඇතැමුන් දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කරන සාවද්‍ය ප්‍රකාශ දැඩිව හෙලා
දකින බව ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි.

මෙම පිරිස පසුගිය කාලය පුරාම ජාතික ආරක්ෂාව ගැන අසත්‍ය කරුණු සමාජගත කිරීමට උත්සාහ කළ බව ද ඔහු සඳහන් කරයි.

උතුරු හා නැගෙනහිර පළාත්වල ආරක්ෂාවට වැදගත් වන හමුදා කඳවුරු සියල්ල ශක්තිමත් කිරීමට කටයුතු කර ඇති බවත් ඉඩම් නිදහස් කර ඇත්තේ ආරක්ෂක සමාලෝචනයකින් පසුව බවත් ඉන්පසු ඔහු සඳහන් කරයි.

හමුදාවන්හි සංග්‍රාමික ශක්තිය තවදුරටත් වර්ධනය කිරීමට ‘දියකාවා’ ඇතුළු යුද අභ්‍යාස දිගින් දිගටම සිදුකරන අතර විදේශීය පුහුණු වැඩසටහන් වලට ත්‍රිවිධ හමුදා නිලධාරීන් සෙබළුන් සම්බන්ධ වන බවත් ඔහු පවසයි.

අද වන විට රටේ ආරක්ෂාව බින්දුවට වැටී ඇති බවත් හමුදාවේ සංග්‍රාමික ශක්තිය ඉතා පහළ වැටී ඇති බව හිටපු හමුදාපති වත්මන් ඇමැති සරත් ෆොන්සේකා මහතා විසින් ප්‍රකාශයක් කර දින කීපයකට පසු රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා මෙසේ ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

මේ අතර හමුදාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ සරත් ෆොන්සේකා මහතාගේ විවේචනාත්මක අදහස් හේතුවෙන් ඉහල හමුදා නිලධාරීන් නොසතුටින් සිටින බවයි.