මේක යහපාලනයක් නොවෙයි අවපාලනයක්..- රතත හිමි (Video)

සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබන ලද නිදහස් වෙළඳ ගිවිසුම් මුළුමනින්ම නීති විරෝධී ගිවිසුමක් යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

මෙමගින් යහපාලන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය පෙන්නුම්
කරන බවද උන්වහන්සේ සඳහන් කරති.

මෙය යහපාලනයක් නොව අවපාලනයක් බව ද උන්වහන්සේ සඳහන් කළහ.

ගිවිසුම ඉදිරිපත් කර තිබුනේ ඉංග‍්‍රිසි බාෂාවෙන් පමණක් බවත් සිංහල හා දෙමල බාෂාවෙන් ඉදිරිපත් කිරීමට ශීලාචාර කමක් හෝ නොතිබු බවද උන් වහන්සේ වැඩි දුරටත් කියා සිටිති.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හිමියන් මෙම අදහස් පල කලහ.