gossip lanka

රාජකාරි අතහැර පිස්සු කෙලපු ඔස්ට්‍රියාවේ තානාපති හා කාර්ය මණ්ඩලය ආපසු ලංකාවට

ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන ලාංකික නිලධාරීන් පිරිසක් සිය රාජකාරි කටයුතු දීර්ඝ කාලයක සිට පැහැර හරිමින් තානාපති වරප්‍රසාද බුක්ති විදිමින් රට වෙනුවෙන් සිදු විය යුතු යුතුකම් සහ වගකීම් ඉටු නොකරමින් ඔස්ට්‍රියාවේ වසර ගණනක සිට රැදී සිටි.

තානාපති වරියගේ සහ අදාල සෙසු ප්‍රධාන නිලධාරීන් රැසක් ඔස්ට්‍රියාව තුල සිය පෞද්ගලික අනාගතය වෙනුවෙන් බොහෝ කාරනා ඉටුකරගෙන තිබුණු අතර රට වෙනුවෙන් ඔවුනට කිරීමට තුබූ රාජකාරි රැසක් පහර හරිමින් සේවා දිගුද ලබාගෙන ඇත.

නමුත් විවිධ කරුණු පෙන්වා දෙමින් එම නිලධාරීන් නැවත ලංකාවට පැමිණීමට සිය අකමැත්ත ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසී ය.

තම දරුවන් ඔස්ට්‍රියාවේ පාසල්වලට ඇතුළත් කර ඇති බැවින් නැවත ලංකාවට පැමිණිය නොහැකි බවත් තවත් පිරිසක් විවිධ පුද්ගලික හේතු දක්වා ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර එම නිලධාරීන්ට වසර 03ට අමතරව සේවා දිගුවක් ලබා දී ඇති අතර එම සේවා දිගුවේ කාළය මේවන විට අවසන් වී ඇති බවත් වාර්තා වේ.

මේවන විටත් ඒ වෙනුවට නව නිලධාරීන් පිරිසක් ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවයට අනියුක්ත කර ඇති බව වාර්තාවේ.

කෙසේ වෙතත් තානාපති සේවයේ නිලධාරියෙකු/ සේවකයෙකු ලෙස අදාල විදෙස් රටකට පත්ව යන්නේ වසර 03ක කොන්ත්‍රාත් කාලයකට පමණකි.

එම සේවකයින්ට අදලා රටේ ස්ථීර පදිංචිය හිමි නොවන අතර වසර 03ක සේවා කාලය නිම වීමෙන් පසු නැවත ලංකාවට ‍ගෙන්වා තවත් විදේශ රටක තානාපති සේවයේ පිහිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරනු ඇත.

මෙරටට පැමිණි පසු එම සේවකයින්ට දරුවන් කොළඹ ඉහල පෙලේ පාසල් වලට ඇතුළත් කර ගැනීමටද අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අවසර ලබා දෙයි.

නුදුරේදී නව තානාපති වරයෙකු සහ ඉහල නිලධාරී මණ්ඩලයක් ඔස්ට්‍රියානු තානාපති කාර්යාලයට පත්කර යැවීමට නියමිත බව විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

– am.lk