"සිංහල කියලා භාෂාවක් තිබිලා නැහැ - දෙමලයි තවත් භාෂා එකතු වෙලා තමයි සිංහල හැදිලා තියෙන්නේ" - විග්නේශ්වරන්

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා අතර ඊයේ (16) දැඩි වචන හුවමාරුවක් සිදු වී ගජේන්ද්‍රකුමාර් මහතා විග්නේස්වරන් මහතාට බැණ වැදී තිබේ.

පසුගිය 14 වෙනි සිකුරාදා යාපනයේදී ප්‍රධාන අමාත්‍යවරයා පුවත්පතකට ප්‍රකාශයක් කරමින් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා
දේශපාලනඥයෙකු නොව ත්‍රස්තවාදියෙකු යැයි ප්‍රකාශ කිරීම නිසා මේ උණුසුම් තත්ත්වය හටගෙන තිබේ.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ප්‍රධාන අමාත්‍යවරයාව සොයා ගෙන  ගොස් බැණ වැදී තිබේ.

මෙම පුවත්පතටම අදහස් දැක්වූ අවස්ථාවේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සිංහල භාෂාව යනුවෙන් භාෂාවක් නොතිබූ බවත් දෙමළ හා තවත් භාෂා කීපයක් එකතු  කරගෙන සිංහල භාෂාව නිර්මාණය කරගෙන ඇති බවත් පවසා තිබුණි.

(දිනසේන රතුගමගේ)