gossip lanka

බැදුම්කර අරක්කු සමාගමෙන් රවි කරුණානායකට දුන් කෝටියක වවුචර විනාශ කරයි.. සාක්‍ෂි නෑ

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනි පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගම විසින් විනාශ කළේ යැයි කියන වවුචර්පත් අතර රවි කරුණානායක හිටපු ඇමතිවරයාට ලබාදී තිබූ රුපියල් කෝටියක වටිනාකමින් යුතු වූ වවුචරද අඩංගුව තිබූ බව රහස් පොලීසිය විසින් අධිකරණයට වාර්තා කර තිබේ.

මෙන්ඩිස් සමාගම විසින් රවී කරුණානායක මහතාට අයත් සමාගමේ මූල්‍ය මෙහෙයුම් නිලධාරියා වෙත ලබාදුන් මිලියන 10 ක වටිනාකමින් යුතු චෙක්පත් දහයක් එහි තිබූ බවද එම වාර්තාව මගින් අධිකරණයට දැනුවත් කර ඇත.

මෙන්ඩිස් සමාගමේ මූල්‍ය ප්‍රධානියකු වූ සුජිත් අල්විස් විසින් රහස් පොලිසිය වෙත කරන ලද පාපොච්චාරණයක් අනුව මෙම තොරතුරු අනාවරණය වූ බවද වාර්තාවේ සඳහන් වෙයි.

මෙහි තිබූ රවී කරුණානායක මහතාට ලබාදුන් ගෙවීම්වලට අදාළ බදු ඉවත් කරගන්නේ අර්ජුන් ඇලෝසියස් උපදෙස් ලබාදී තිබූ බවත් ඒ අනුව එම චිත්ත ඉවත් කර ඇති බවත් තවදුරටත් සඳහන් ය.