ආර්ථිකය කඩා වැටෙන්න මුලික හේතුව ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකයි

නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරගැනීමට නම් සෘජූ තීරණ ගතහැකි නායකත්වයක් පත් කරගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (22) පොළොන්නරුවේදී සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් ඊයේ පස්වරුවේ
පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන ජ්‍යේෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු රැසක් ද එක්ව සිටියාය.

එහිදි  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ මහතාද අදහස් දැක්වීය.

දේශනයෙන් පසු ප්‍රදේශයේ දෙමළ හා ඉස්ලාම් ජනතාව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ප්‍රසාදය ද පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ, පොලිස්පතිවරයා අද වන විට විහිළුවක් වී ඇති බවයි.

රටක් කිසි විටෙකත් නටන, පොලිස්පතිවරයෙක් බලාපොරොත්තු නොවන බව ද ඔහු පැවසීය.

කෙසේ වෙතත් අද වන විට රුපියල අවප්‍රමාණය වීමට හා ආර්ථිකය කඩා වැටීමට මූලික හේතුව ලෙස රජය ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම බව පෙන්වා දෙන  බවත් එය රටේ විශේෂ අධිකරණයේ දෙවැනි නඩුව වීම තුළ ඒ බව පෙනී යන බවත් තවදුරටත් සඳහන් කළේය.