"සුපිරි කාරයක් දැන්ම ගන්න එපා, විනෝද වෙන්න යන රට සංචාර කල් දමන්න" රුපියල රැක ගන්න ඇමති හර්ෂ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි!

බිඳ වැටෙන ආර්ථිකය හමුවේ දුර්වල වූ ශ්‍රී ලංකා රුපියල දිනෙන් දින අවප්‍රමාණය වෙමින් පවතී. මෙම රුපියල අවප්‍රමාණය වීම දැඩි අර්බුධයකට හේතු වී ඇති අතර භාණ්ඩ වල මිල ඉහල යාම සහ ජනතාව ලබනා නිශ්චිත වැටුපේ වටිනාකම අඩු වීමටත් එය හේතූ වී තිබේ.

උදාහරණයක් ලෙස රුපියල් 25,000ක් වැටුප් ලබනා පුද්ගලයෙකුට
ඩොලරය රුපියල් 130ක් වූ සමයේ ඩොලර් 192ක භාණ්ඩ මිල දී ගත හැකි වූ අතර දැන් එම පුද්ගලයාට මිලදී ගත හැක්කේ ඩොලර් 148ක භාණ්ඩ පමණයි. තවද ඩොලරය හමුවේ රුපියල එක ඒකකයකින් පහල යද්දි රටේ ණය බව බිලියන ගණනකින් ඉහළ යනවා.

එවැනි පසුබිමක රජය රුපියලේ වටිනාකම පාලනය කිරීමට උත්සාහ දරමින් සිටින බවට කරමින් සිටින බව කියවෙනවා. මේ අතර රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා රුපියලේ අගය පාලනයට ජනතාවගෙන් සහය ඉල්ලා සිටිනවා. අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ "ඔබ මිලදී ගැනීමට සිටිනා සුඛෝපභෝගී කාර් රථය මිලට ගැනීම රට වෙනුවෙන් කල් දමන්න, ඔබගේ විනෝදය සදහා සැලසුම් කර තිබෙනා ඇලස්කා විදෙස් විනෝද සංචාරය මාස දෙකකට කල් දමන්න, රුපියල රැක ගැනීමට රජයට සහය වන්න" ලෙසටයි.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, රුපියලේ අගය පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව හිටපු මුදල් ඇමති සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් තොරතුරු විමසුවා. ඊයේ දින (24) සූරීයවැව පැවති උත්සවයක් අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ ඩොලරයේ අගය ඉහළ යෑම සම්බන්ධයෙන් තැන තැන විවිධ ප‍්‍රකාශ කිරීම පසෙක තබා රුපියල අවප‍්‍රමාණය වීම නතර කිරීමට ගත හැකි විසඳුම රට හමුවේ තබන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් සූරියවැවදී ඉල්ලීමක් කළා.

කෙසේ වෙතත් මෙලෙසින් රුපියල අවප්‍රමාණය ප්‍රමාණය වීමට වත්මන් රජයේ ඇතැම් ප්‍රතිපත්ති බලපෑ පවත්, දේශීය නිෂ්පාදන සහ කෘෂි ආර්ථිකය වෙනුවට ආහාර සහ ද්‍රව්‍ය ආනයනය කෙරෙහි විස්වාසයක් තැබීම මේ තත්වයට හේතු වූ බවත් සමාජජාලා මාධ්‍යයන්හී අදහස් පළව තිබුනා. රජය නැවතත් කෘෂි ආර්ථිකය කෙරෙහි විස්වාසය තබා සිය ආර්ථික ප්‍රතිපත්තීන් වෙනස් කර ගොවීන් ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු බවටද සමාජජාලා ක්‍රියාකාරිකයන් අදහස් දක්වා තිබුනා.