ජනතාව බණිමින් යන්න යති.. ඒකාබද්දයේ ‘ජනබල’ විරෝධය අවසන්..

ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹ ලේක්හවුස් වටරවුමේ ආරම්භ කරන ලද සත්‍යග‍්‍රහය අවසන් කරන්නට තීරණය කර තිබේ.

ඒ අනුව රාත‍්‍රී 12.00 එය අවසන් කරන බව සංවිධායකයෝ කියා සිටිති.

රැය පහන් වන තුරු සත්‍යග‍්‍රහයක් පවත්වන්නට තීරණය කර තිබුනද දුර
බැහැරින් පැමිණි ජනතාව නිවෙස් බලා යාම හේතුවෙන් මෙම තිරණය ගෙන තිබේ.

‘දැන් ආණ්ඩුව ගත්තාද මහින්ද අගමැතිද’ අසමින් සමච්චල් කරන නර්මාණ සමාජ ජාලයන්හි හුවමරු වේ.

නිසි සංවිධානයකින් තොරව මෙය සංවිධානය කර තිබූ බව පවසමින් එහි සිටි ජනතාව අදහස් පල කරනු සිරස රූපවාහිනිය විකාශණය කලේය.

gossip lanka