gossip lanka

ජනබල විරෝදය අතරේ නව ආණ්ඩුවක් ප්‍රකාශ කරන්න ඉඳලා !

ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී පවත්වන ලද විරෝධතාවය අතිශයින්ම අසාර්ථක යයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සදහන් කරයි.

විරෝධතාවය අතරතුර ඒකාබද්ද විපක්‍ෂයේ නායකයන් විසින් නව
ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කිරීම සදහා ගාළුමුවදොර ෂැන්ග්‍රිලා හෝටලයේ කාමර 15ක් වෙන් කර තිබූ බවද ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් විරෝධතාවය අසාර්ථක වීමත් සමගින් නව ආණ්ඩු සිහිනය බොද වී ගියේ යයිද ඇමතිවරයා කියා සිටියි.

හිල්ටන් හෝටලයේ හා ටාජ් සමුද්‍රා හෝටලයේද කාමර 3 බැගින් වෙන් කරගෙන තිබූ බවත් ඔහු සදහන් කරයි.

පොහොට්ටුවට හෝ ඒකාබද්ද විපක්‍ෂයට බැසිල් රාජපක්ෂ මහතා නැතිව ගමනක් නැතැයි එහිදී ඔප්පු කර ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටියි.

(ලංකා සී නිව්ස්)